ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අයවැයෙන් රාජ්‍ය සේවකයින් නොසලකා හැරලා… රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනයෙන් ජනපතිට ලිපියක්

අයවැයෙන්  රාජ්‍ය සේවකයින් නොසලකා හැර, රුපියල් 16000/-  වැටුප්  හෝ දීමනා ලබා නො දීම පිළිබඳ   රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය ජනපතිට ලිඛිතව දන්වා තිබෙනවා.

පසුගිය 12  පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කල 2022  අය වැය යෝජනා මගින්  මෙරට  රාජ්‍ය සේවකයින්ගේ වැටුප් දීමනා  ලබා දී නැති බවත් එනිසාම  මිලියන 1.5  රාජ්‍ය සේවකයින් හා  ඔවුන්ගෙන් යැපෙන මිලියන 6කට ආසන්න ජනතාව ජිවත් වීමේ  අපහසුතාවයට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව පසුගිය සංගණනයට අනුව හතර දෙනකුගෙන් යුතු පවුලකට මසක් ජිවත් විමට රු 58000  අවැසි බව සදහන්ව  තිබුණද , වත්මන් සමයේ ශීඝ්‍ර ව භාණ්ඩ මිල ඉහළ යෑම නිසාවෙන් මේ තත්ත්වය  තවදුරටත්  ඉහළ ගොස් ඇති බවත්  එනිසා ඉදිරි සති  කීපය තුළ දි  මේ පිළිබද අවධානය යොමු නොකරන්නේනම් කිසිදු දැන්වීමකින් තොරව  වෘතිය ක්‍රියා මාර්ගයන්ට යොමුවන බවත් ඔවුන් සඳහන් කරනවා.

එහි වගකීම රජය භාරගතු යුතු බව ජනපතිතුමාට රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය වෙනුවෙන් ,එහි ජාතික සංවිධායක  බි. ඒ. පි. බස්නායක මහතාගේ අත්සනින් යුතු ලිපියේ දක්වා තිබෙන බවට යි වාර්තා වෙන්නේ.