ලාෆ් ගෑස් බෙදාහැරීම නවතා දමයි – ගෑස් හිඟය දිගටම
ගෑස් ආනයනය කිරීම සඳහා විදේශ මුදල් නැති වීම සහ ණයවර ලිපිය විවෘත කිරීමට නොහැකි වී ඇතැයි ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි. ඒ හේතුවෙන් තම සමාගමේ නිෂ්පාදන කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇතැයි සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසීය.
මෙම තත්ත්වය තුල ලාෆ් ගෑස් වෙළදපොලට නිකුත්කිරීම සම්පුර්ණයෙන්ම ඇනහිට තිබේ. ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ ලාෆ් ගෑස් සමාගමේ සැපයුම් බිඳවැටීම හේතුවෙන් බව තම සමාගමේ ගෑස් සදහා ඉල්ලුම වැඩිවීමෙන් ලිත්‍රො ගෑස් හිගයක් ඇතිව තිබෙන බවයි.
මෙම ගැටළුව විසඳාගැනීම සඳහා වත්මන් ආණ්ඩුව පාර්ශවයෙන් සාධනීය මැදිහත්වීමක් සිදු කර නැතිවීම අර්බුදයට හේත්ව බවද සභාපතිවරයා පැවසීය.