ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සම සමාජ පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙයි.

මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ලංකා සමසමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වන තර්ජන හා ආණ්ඩුවේ මහජන විරෝධී ක්‍රියාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇතත් පක්‍ෂ නායකයන් ඒ සඳහා කිසි ප්‍රතිචාරයක් දක්වා නැති බව පක්ෂ නායක තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

ඉදිරියේ දී පැවැත්වෙන පක්ෂ දේශපාලන මණ්ඩලයට ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කියා සිටියේය.