දළ ජාතික නිෂ්පාදනය 9.2%ට වැටිලා – රට දුවන්න බැරි තත්ත්වයක් තියෙන්නේ – දයාසිරි ජයසේකර
අද වන විට රටේ ආදායම කඩා වැටී ඇති බවත් දළ ජාතික නිෂ්පාදනය 9.2%ට ඇද වැටී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. ආදායමක් නැතිව රට දුවා ගන්න බැරි තත්ත්වයක් උද්ගත වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත් ගොවි ජනතාවගේ පොහොර ගැටළුව සම්බන්ධයෙන් විසඳුමක් ඉතාම ඉක්මනින් ආණ්ඩුව දෙනු ඇතැයි තම තමන් බලාපොරොත්තු වන බවද ඔහුට සඳහන් කලේය.
මෙවර අයවැය පිලිබදව මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කරන ලදී.