ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මේ රාජ්‍ය සේවය රටට බරක් – බැසිල්

රාජ්‍ය සේවකයින් සඳහා තව වර්ෂයක් යනතුරු  රජයට  තවදුරටත් මුදල් වැයකිරීමේ හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ  2022 අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා අද (13) පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙසේද සඳහන් කළේය.

“මං හිතන්නේ තව දුරටත් අපි ලොසිංජර දෙන්න අවශ්‍ය නැහැ .අපි අවංකවම පිළිගන්න ඕන මේ රාජ්‍ය සේවය අපට බරක්.මොනම ආකාරයකින්වත් තවත් වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් මුදල් වැය කිරීමට හැකියාවක් නැහැ.වගකීමෙන් කියනවා නම් රාජ්‍ය  සේවකයන්ගේ සංඛ්‍යාව පුළුල් කරන්නත් අපිට හැකියාවක් නැහැ .නමුත් වාර්ෂිකව විශ්‍රාම යන සංඛ්‍යාව අනුව තරුණ පිරිස ඇතුළු කර ගැනීමට අපි කටයුතු කරනවා”