‘පාස්කු කොමිෂන් සභාවේ නිර්දේශ වත්මන් පාලනය තුළින් ක්‍රියාත්මක කරගන්න බැහැ – ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් විමර්ශන යටගහනවා’ (වීඩියෝ)
පාස්කු කොමිෂන් සභාවේ නිර්දේශ වත්මන් පාලනය තුළින් ක්‍රියාත්මක කරගත නොහැකි බව පැහැදිලි වී ඇතැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
එක රටක් එක නීතියක් බව පැවසුවද එක රටක් තුල නීති කිහිපයක් දැකගත හැකි බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.
රජයේ නිලධාරීන් විශේෂයෙන්ම ආරක්ෂක අංශ වල උසස් නිලධාරීන් පාස්කු දින ප්‍රහාරයේ විමර්ශන යටගසන්නට ඉතා විශාල උත්සාහයක යෙදෙන බව දැනගන්නට ලැබී ඇති බව මෙහිදී කාදිනල් හිමිපාණන් සඳහන් කළා
ඊයේ දිනට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී මාස 30ක් ගතවීම නිමිත්තෙන් කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ පෙරවරුවේ පැවති විශේෂ යාච්ඤා මෙහෙයකට එක්වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව කියා සිටියා.