පාසල්වල ඉබි යතුරු කඩා ඇතුල්වන්න – පොලිසිය බාර ඇමති උපදෙස් දෙයි
වර්ජනයට එක්ව සිටින විදුහල්පතිවරුන් අද (21 දා) දින පාසල් විවෘත කිරීමට ඉඩකඩ ලබා නොදුනහොත් ඉබි යතුරු කඩා හෝ පාසල් විවෘත කර දරුවන් ඇතුළු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා ඊයේ (20 දා) පැවසීය.
දරුවන්ට ඇතුළුවීමට ඉඩකඩ ලබා නොදෙන පාසල්වලට අදාළ බල ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන්, පොලිිසිය සහ දෙමාපියන් යවා එම පාසල් විවෘත කිරීමට අවශ්‍ය උපදෙස් මේ වනවිටත් ලබාදී ඇති බව බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඇතැම් විදුහල්පතිවරුන්ගේ විරෝධය මධ්‍යයේ අද දින පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කළ විමසීමකදී ඇමැති සරත් වීරසේකර මහතා මේ බව කීය.
විවෘත කරන පාසල් අවට පොලිස් ආරක්ෂාව යෙදවීමටත් ජංගම මුර සංචාර යෙදවීමටත් අදාළ පොලිස් ප්‍රධානීන් වෙත මේ වනවිටත් පොලිස් මූලස්ථානය උපදෙස් ලබාදී ඇත.