ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පාස්කු ප්‍රහාරය සහ 16 හැවිරිදි දැරියක් පිළිස්සී මරණයට පත්වීම යන නඩු දෙකෙන්ම රිෂාඩ්ට ඇප (වීඩියෝ)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත මුදාහැර තිබේ. ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ද, සිය නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක් පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් වු නඩුවට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මෙලෙස ඇප නියම කර ඇත.

තම නිවසේ සේවය කළ ජූඩ් කුමාර් ඉශාලිනි නැමැති 16 හැවිරිදි දැරියක් පිළිස්සී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ට රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළාය.

අනතුරුව එම පැමිණිල්ල ලබන වසරේ පෙබරවාරි මස 18 වනදා කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර සිටියාය.