ඩඩ්ලි සහල් සදහා පාලන මිල තීන්දු කළාට පසු මහින්දානන්දට වී මිල මතක් වෙයි (VIDEO)
ඊයේ (28) දිනයේදී වී මිල සහ සහල් මිල ගණන් ඩඩ්ලි සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා අද (29) දිනයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් වී මිල තීන්දු කරන්නේ මහාපරිමාණ මෝල් හිමියන් විසින් නොව රජය විසින් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
රට තුල සහල් වල මිල තීරණය කිරීමේ බලය වත්මන් ආණ්ඩුව විසින් මහා පරිමාණ මෝල් හිමියන් වෙත ලබාදීමට කටයුතු කර තිබේ. ඒ පැවති පාලන මිල පිලිබද ගැසට් එක අවලංගුකිරීමත් සමගයි. එම අවසරය අනුව සහල් වර්ග තුනක් සඳහා නව සිල්ලර මිල නිවේදනය කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය ඊයේ තීරණය කරන ලදි.
මාධ්‍ය සංදර්ශණ පවත්වමින් මෝල් හිමියන් සතු වී සහ සහල් තොග වැටලීම් කරමින් ජනතාවට අඩුමිලට සහල් ලබාදෙන බව පැවසු වත්මන් ආණ්ඩුව අවසානයේ මහාපරිමාණ මෝල් හිමියන් ඉදිරියේ දණනමන ලදි.
කෙසේ වෙතත් අද ඇමතිවරයා මීට පෙර කරන ලද විවිධ ප්‍රකාශ වගේ තවත් ප්‍රකාශයක් කරමින් වී මිල තීරණය කිරීම මෝල් හිමියන්ට සිදුකල නොහැකි බව ප්‍රකාශ කරන ලදි. මීට පෙරද මෙවැනි ප්‍රකාශ කරමින් කරමින් ඇමිතිවරයා මේවනවිට සමාජයතුල විහිළුකාරයෙක් බවට පත්වී හමාරය.