මවට, පියාට පහරදුන් පොහොට්ටු මන්ත්‍රී වීරවංශගේ ප්‍රබල ගෝලයෙක් – මන්ත්‍රී තවමත් නිදැල්ලේ… මව දැඩි සත්කාර ඒකකයේ (වීඩියෝ/ඡායාරූප)
මාතර වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී විමල් වීරවංශගේ ප්‍රබල ගෝලයෙකු වන ප්‍රසාද් මිලින්ද විසින් සිය මවට සහ පියාට ඉතා අමාණුෂික ලෙස පහරදී හේතුවෙන් මේවනවිට ඔවුන් රෝහල්ගතකර ඇති අතර මව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබයි.
මෙම පහරදීම සිදු කර ඇත්තේ ඉඩම් ආරවුලක් මුල් කරගෙන බව මේ වනවිට අනාවරණය වී ඇති අතර පහරකෑමෙන් අසාධ්‍ය වූ මව මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පියා අහංගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෙම ප්‍රසාද් මිලින්ද යන මන්ත්‍රීවරයා විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් වැලිගම ප්‍රාෙද්ශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන එම පක්ෂයේ ප්‍රබලයෙකි.
පහරදීම සිදු කළ මන්ත්‍රී ප්‍රසාද් මිලින්දගේ බාල සොහොයුරා විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසියට පැමිණිලි කර ඇතත් මෙතෙක් ඊට සාධාරණයක් ඉටුව නැති අතර සැකකාර මන්ත්‍රීවරයා තවමත් නිදැල්ලේ සිටින බවද වාර්තාවේ.






