විදෙස් සංචාරකයින් කැඳවීම තුළින් ආණ්ඩුව රට නැවතත් අනතුරේ හෙළනවා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු (වීඩියෝ)
නිසි අධීක්ෂණයකින් තොරව මෙරටට විදෙස් සංචාරකයින් කැඳවීම තුළින් රට නැවතත් අනතුරුදායක තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් ඉන්දීය සංචාරකයින් දිවයිනට පැමිණ ඇති බවය.
ඔවුන්ගේ නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීමක් සිදුනොවන බැවින් එය බරපතළ තත්ත්වයක් බව උපුල් රෝහණ මහතා පවසයි.