ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ආණ්ඩුව ස්පා අරියි… පූජනීය ස්ථාන වසයි

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සම්බාහන ඹධ්‍යස්ථාන හෙවත් ස්පා ආයතන විවෘත කිරීමට අවසර දී තිබේ. කෙසේ වෙතත් පන්සල් ඇතුළු ආගමික ස්ථාන තවදුරටත් වසා තැබීමට නියමිතය.

මංගල උත්සව පැවැත්වීම තවදුරටත් තහනම් කර ඇති අතර මනාලිය හා මනාලයා ඇතුළු 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් තවදුරටත් විවාහ ලියාපදිංචි කිරීමේ අවස්ථාව පමණක් ලබාදී තිබේ.

අප දන්නා පරිදි මෙම සම්බාහන ඹධ්‍යස්ථාන හෙවත් ස්පා ලෙස පවත්වාගෙන යන ආයතන බොහෝමයක් ගණිකා ජාවාරමේ නිරතවන බවත් ඒවා දේශපාලනඥයින් හා රටේ ප්‍රභූ පිරිස් විසින් පවත්වාගෙන යනු ලබයි.