ColomboXnews

News | Gossip | Political | Entertainment

ArtForeignSlider

අමිර් ඛාන් සහ කිරාන් රාඕගේ වසර 15ක විවාහය දෙදරයි

බොලිවුඩ් සුපිරි නළු අමිර් ඛාන් සහ සිනමා නිෂ්පාදිකාවක් හා අධ්‍යක්ෂවරියක වන කිරාන් රාඕ දික්කසාද වී තිබේ. වසර 15ක විවාහ ජීවිතයක් ගත කිරීමෙන් අනතුරුව ඔවුන් මෙලෙස දික්කසාද වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් සිය පුත්‍රයා දෙදෙනාම එක්ව හදාවඩා ගන්නා අතර තවදුරටත් එක්ව නිර්මාණ කාර්යයෙහි ද නිරත වන බව අමිර් ඛාන් සහ කිරාන් රාඕ ප්‍රකාශ කර තිබේ.

අමිර් ඛාන් 56 හැවිරිදි වියේ පසුවන අතර රාඕ 47 හැවිරිදි වියේ පසුවේ.

අමීර් ඛාන් මීට පෙර බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදිකාවක වන රීනා දත්තා සමඟ ද විවාහ දිවියට එළඹ වසර 16 කට පසුව දික්කසාද වී තිබුණි.