ඩෙල්ටා ආසාදිතයෙක් කහතුඩුවෙන් හමුවේ
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ තවත් පුද්ගලයකු කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් හමුවී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පද්මරාජ මහතා පැවැසීය.
මේ අනුව මේ දක්වා මෙරටින් හමු වී ඇති ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අටක් දක්වා ඉහළ යනු ඇත.
සැර කොරෝනාව ආසාදනයවු කහතුඩුවේ පුද්ගලයා 47 හැවිරිදි වියේ පසුවන්නෙකි.ඔහු කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ඉදිකිරීම ආයතනයක පෙදරේරුවකු බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් පසු එම ආසාදිත පුද්ගලයාගේ මව බිරිඳ සහ පුත්‍රයා නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.
එසේම ඔහු ජීවත්වූ මාර්ගය ආරක්ෂක පියවරක් ලෙස තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත් ප්‍රදේශයේ අහඹු පී.සී.ආර් පරීක්ෂණ සියයක් කිරීමට කටයුතු යොදා ඇති බවත් පද්මරාජ මහතා කීවේය.