පොහොට්ටුවේ බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක දුමින්ද සිල්වා..?
පසුගියදා ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොදු සමාව යටතේ මරණ දණ්ඩනයෙන් නිදහස ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා නැවතත් දේශපාලනයට පිවිසෙනු ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.
ඒ අනුව ඔහු ඉදිරි පළාත් සභා මැතිවරණයේදී දුමින්ද සිල්වා යලි දේශපාලනය ආරම්භ කරනු ඇතැයිද පවසන එම වාර්තාව බස්නාහිර පලාත් මහ ඇමති අපේක්‍ෂක ලෙස ඔහු තරග වදිනු ඇතැයිද කියා සිටී.