ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

‘ජනපතිගේ ෆේස්බුක් පිටුවට රියැක්ෂන් දැම්මෙ අපි නෙමෙයි‘ – පතිරණගෙන් තවත් විහිළුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවට ක්ලික් ෆාර්ම් හරහා ‘හාට් රියැක්ෂන්’ සහ ‘හා හා රියැක්ෂන්’ දම්මවා ඇත්තේ විපක්ෂය විසින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් පිලේ නයායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වන මහින්ද පතිරණ පවසයි. 

සමාජජාල තුල නිතර හාස්‍යයට ලක්වන ප්‍රකාශ නිකුත් කරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා මෙවරද පවසන්නේ එවැනිම ප්‍රකාශයකි. ජනාධිපතිවරයාගේ කාර්යක්ෂම හා වේගවත් ක්‍රියාකාරීත්වය හේතුවෙන් විපක්ෂය දැඩි කලබලයටත් ඉච්ඡාභංගත්වයට පත්වී ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ. 

මහින්ද පතිරන එසේ ප්‍රකාශ කලද පසුගිය කාලවකවානුයේ නිරන්තරයෙන් ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව තුල පලකරන බොහෝ සටහන් වලට ‘හා හා රියැක්ෂන්’ විශාල ප්‍රමාණයක් ලැබෙන අයුරු දැකගත හැකිවිය. ඒවා මහින්ද පතිරන පවසන ආකාරයේ ක්ලික් ෆාර්ම් හරහා ලබාගත් ඒවා නොව රටේ සාමාන්‍ය පුරවැසියන් විසින් ලබාදුන් එිවා බව එය නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට පෙනී යයි.

සමාජජාල තුල ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය පහල වැටීම හේතුවෙන් පසුගිය වකවානුවේ ජනාධිපතිවරයා නිතර මහජන හමුවිම් වලදී සමාජජාලා විවේචනය කල අවස්ථා ගණනාවක්ද විය. මෙම ෆෙස්බුක් සටහනටද පැය 24ක් ගතවීමටත් පෙර හා හා රියැක්ෂන් දසදහසකට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණු අතර ඒම ගිණුම් පරික්ෂා කරන ඕනෑම අයෙකුට එවා සත්‍ය ගිණුම් බව වටහාගත හැකිය.

තමන්ගේ සමාජජාල පිටුව ජනතා අපුසාදයට ලක්වීම වැලැක්වීම සදහා මෙලෙස ක්ලික් ෆාර්ම් හරහා ‘හාට් රියැක්ෂන්’ සහ ලබාගැනීම සිදුකල නමුත් එය හෙළිදරව්වීමත් සමග මේවනවිට ඔවුන් දැඩි අපහසුතාවයකට පත්වී ඇති බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වන මහින්ද පතිරණගේ මෙම විකාරරූපී ෆේස්බුක් සටහනින් මනාව පිළිබිඹුවේ.

මහින්ද පතිරණ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පළකළ අදහස පහතින් දැක්වේ. 

 

දවසක් ගතවීමටත් පෙර හා හා රියැක්ෂන් දසදහසකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අයුරු…

සබැදි පුවත් – ජනාධිපතිගේ ෆේස්බුක් වංචාවක් අතේ මාට්ටු..! ව්‍යාජ ගිණුම් හරහා ප්‍රතිරූපය ඉහලනන්වාගැනීමට කල සැලැස්මක් හෙළිවේ (වීඩියෝ/ඡායාරූප)