ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsUncategorized

කුරුණෑගල නගරාධිපතිගේ බර්ත්ඩේ පාටිය ජයටම ගනී – කේක් කපන්න පොලීසියත් එක්වෙයි… වීරසේකර ඇමතිතුමෝ ලැජ්ජයි හොදේ..(වීඩියෝ)

ඊයේ දින රාත්‍රියේ කුරුණෑගල පොලිසියේ ප්‍රධානත්වයෙන් නගරාධිපති තුෂාර සංජීවගේ උපන්දින සාදය කුරුණෑගල පොලිසිය විසින්ම සැපයූ කේක් ගෙඩියක් කපා සමරන ලදි. මෙහිදී නගරාධිපතිවරයා සිය බිරිඳ සමග උත්සවයට සම්බන්ධ වූ අතර කුරුණෑගල පොලිස්ථානයේ උසස් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සහ ඔහුගේ හිතවතුන් පිරිසක් එක්ව සිටිනු දක්නට ලැබුණි.

එසේම මෙහිදී නගරාධිපතිවරයා සිය මුඛ ආවරණය ගලවා උපන්දින කේක් ගෙඩියේ ඉටිපන්දම් නිවා සියලු දෙනාට කේක් බෙදාදෙන අයුරුද දක්නට ලැබුණි. නීතිය ආරක්ෂා කිරීමට සිටින පොලිස් මහත්වරුන්ද එය රිසිසේ භුක්ති විඳි නමුත් මෙහිදී සිදුවූ කොරෝනා නීති උල්ලංඝණය පිළිබඳව ඔවුන්ට කිසිදු ගැටලුවක් නොවීය. පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකරද මීට පෙර පොදු ස්ථානවල මුඛ ආවරණ නොමැතිව රැඳී සිටිනු දක්නට ලැබුණු අතර මුඛ ආවරණ නොමැති සාමාන්‍ය ජනයා බලහත්කාරයෙන් රැගෙන යන අයුරුද ඒ සමගම දක්නට ලැබුණි

අදාළ වීඩියෝව මෙතනින්