ආනන්ද හිමිගේ බොරු ආණ්ඩු වීරෝධය අතේ පත්තුවෙයි – අභයාරාමයේ VIP එන්නත්කරණයට දැඩි ජනතා විරෝධය (වීඩියෝ)
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය තුළ කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණ වැඩසටහනක් අද(30) දින ක්‍රියාත්මක වු අතර එහි විශේෂත්වය වුයේ ප්‍රෙද්ශයේ පදිංචි අභයාරාමයේ දායකයින් පන්නා දමා විශේෂයෙන් කැදවන ලද ප්‍රභූන් පිරිසකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමයි.
මෙහිදී අභයාරාමයට රැස්වී සිටි දායක දායිකාවන් දැඩි විරෝධයක් එල්ලකර අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි දැඩි දෝෂදර්ශණයට ලක්කරන ලදි.
මෙහිදී කැපීපෙනන කාරනය වන්නේ පසුගිය වකවානුවේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්නුම් කල ආණ්ඩු විරෝධය හුදෙක් බොරුවක් මෙම සිදුවීම හරහා තහවුරුවීමයි. ආණ්ඩුව හරහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 400ක් ලබාගෙන එය තම දේශපාලන හිතවතුන්ට හා ප්රභූන්ට ලබාදීමට ආනන්ද හිමියන් අද දිනය තුල කටයුතු කරන ලදි.
මෙලෙසම ඊයේ දිනය තුලද නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය තුළ කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණ වැඩසටහනක් සංවිධානය කර තිබු අතර එහිදීද පැමිණි පිරිසට දවසපුරා පිරිස එක්රැස්වී සිටියද එන්නත ලබාගැනීමට නොහැකිව ආපසු හැරීයාමට සිදුවිය.


