ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“අහඹු PCR සම්පූර්ණයෙන් නවත්තන්න දැනුම් දුන්නා – හේතුව කුමක්ද දන්නේ නෑ”

රට ලොක්ඩවුන් කොට සමාජයේ සිටින සියලුම කොවිඩ් ආසාදිතයින් සොයා පරීක්ෂණ සිදුකළ යුතු පසුබිමක් පෙනි පෙනී තිබියදී එසේ කරනු වෙනුවට දැනට දිස්ත්‍රික්ක මට්ටමින් කරගෙන යන අහඹූ PCR පරීක්ෂණ වහාම නවත්වන්නැයි බලධාරීන් දන්වා ඇතැයිද” එය ඉතාම කණගාටුදායී තීරණයක් යයිද ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඉකුත් 29 මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

ඔහු මෙසේද කීය.

‘ලංකාව ඉතාම භයානක තැනකට තල්ලු වෙලා තියෙනවා. අවදානම් තත්වය දවසින් දවස වැඩිවෙමින් එනවා. අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි දින කීපයේ මීටත් වැඩිවෙච්ච රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවෙයි කියලා. නමුත් කණගාටුදායි තත්වය අද වෙද්දි ලංකාවෙ දිස්ත්‍රික්ක කිහිපයකට දැනුම් දීලා තියෙනවා අහඹු PCR පරීක්ෂණ වහාම අත්හිටුවන්න කියලා.

දැන් මේ පවතින තත්වය හමුවේ PCR පරීක්ෂණ අත්හිටුවීම කියන එක තවත් මේ තත්වය තීව්‍ර කරන්න හේතුවෙන් පුලුවන්. පීසීආර් පරීක්ෂණ සදහා අවශ්‍ය ද්‍රව්‍යවල හිගයක් හරි එහෙම ගැටලුවක් හරි තියනවා නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා රටේ ජනතාව දැනුවත් කරන එකයි කළ යුත්තේ. එහෙම නැතුව පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව අඩු කරලා රටේ රෝගීන් අඩුවෙනවා කියල ජනතාව තුළ යම් සහනදායි මතයක් ඇති කළොත් ඒක තවත් මේ රෝගය පැතිරීම සදහා ඉවහල් වෙන්න පුළුවන් කියන එක තමා අපට අවධාරණය කරන්න තියෙන්නේ.‘

අහඹු ලෙස PCR පරීක්ෂණ නතර කරන ලෙස අපි කිසිදු නියෝගයක් නිකුත් කර නැත. අහඹු පරීක්ෂණ දිගටම කරගෙන යා යුතුයි. ” ලෙස ඔහු පවසා ඇත.