ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගත් තිදෙනෙක් රුධිරය කැටිගැසී මරණයට පත්වෙලා

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්ධන එන්නත ලබාදීම නිසා රුධිරය කැටිගැසීම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී අනාවරණ කර තිබේ.

‍“ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී සති කිහිපයක් ඇතුළත රුධිරය කැටි ගැසීම වාර්තා වු රෝගීන් ලෝකයේ සමහර රටවලින් වාර්තාවී ඇත. ලංකාවේත් එවැනි අවස්ථා 6ක් වාර්තා වී ඇති අතර, ඉන් තුන්දෙනෙක් මරණයට පත්ව ඇත. යනුවෙන් අමාත්‍යවරිය මෙහිදී පිළිතුරු ලබාදෙන ලදී.

ඒ අතරම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව තවමත් Covid-19 රෝගය සමාජගත වී නොමැති බවද අමාත්‍යවරිය සඳහන් කළාය.