ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

පොහොට්ටුව පීලි පනී..! බැසිල් රාජපක්ෂ හදිසියේ මංගල හමුවීමට යොදාගනී..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. එලෙස හමුවන්නේ විශේෂ දේශපාලන සාකච්ඡාවක් සඳහා බව වාර්තා වේ.

මංගල සමරවීර මහතා පසුගිය වකවානුවේ රාජපක්ෂවාදීන්ගේ දැඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයෙක් බවට පත්වී තිබුණි. ඔහු සිංහල බෞද්ධත්වයට එරෙහිව යන්නෙක් ලෙසත් ජිනිවාදී ශ්‍රී ලංකාවේ හමුදා සෙබළුන් පවාදුන් පුද්ගලයෙක් ලෙසත් රාජපක්ෂ කදවුර විසින් හදුන්වාදී තිබුණි.

පසුගිය මහමැතිවරණය සඳහා සජිත් පිලෙන් මාතර දිස්ත්‍රික්කයට තරග කිරීමට නාමයෝජනා ඉදිරිපත් කළ මංගල සමරවීර අවසන් මොහොතේ ඡන්ද සටනින් ඉවත් විය. අනතුරුව ඔහු නැවතත් එජාපයට සමීපව කටයුතු කරන බව වාර්තා වුවත් දැන් ඔහු ක්‍රියාකාරී දේශපාලනයේ නැත.

පසුගිය ජනාධිපතිවරණයේදී බැසිල් හා මංගල හිටියේ එකම පැත්තක නොවේ. නමුත් දෙදෙනාම ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකළ බව බොහෝ එනෙකුට පෙනිණ.

2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහා විශාල කාර්යභාරයක් කළ මංගල සමරවීර මහතා ඉන් වසර දෙකකට පසු මහින්ද රාජපක්ෂ රජය සමඟ හටගත් මතගැටුමක් නිසා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළේය. අනතුරුව ඔහු විපක්ෂය සමඟ සම්බන්ධ විය.

පසුගියදා කොළඹ පැවති ප්‍රසිද්ධ මංගල උත්සවයකදී බැසිල් රාජපක්ෂ මහතා මුණගැසුණු මංගල වැඩි වැඩි වේලාවක් සුහද කතාබහක නිරත වූ බවද වාර්තා විය.

කෙසේ වෙතත් මෙවර බැසිල් සහ මංගල අතර හමුව කුමන අරමුණක් උදෙසා සිදුවේද යන්න අපැහැදිලි වුවත් මෙම සාකච්ඡාවේදී කිසියම් සමගි සන්ධාන ක්‍රියවලියක් සඳහා මුලපිරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

බැසිල් රාජපක්ෂ මහතා විසින් බලය ලබාගැනීම සදහා සිංහල බෞද්ධකම මැතිවරණයේදී වෙන්දේශි කලද බලය පවත්වාගෙනයාම සදහා ඊට පටහැනිව ක්‍රියාකල යුතුව ඇතිබව පසුගිය වකවානුවේ පෙන්නුම් කරන ලදි. විශේෂයෙන් 20 වන සංශෝදනය සම්මතකරගැනීම සදහා රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂ වල මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම කැපීපෙනන කාරණයක් විය.

දැන් බැසිල් – මංගල එකට වැඩකරන බව නොරහසකි. බැසිල්ගේ ගජ මිතුරෙකු වන දිලිත් ජයවීර මංගලට ගොඩනැගිල්ලක් ලබාදී කාර්යාලයක් පවත්වාගන යන්නට පහසුකම් ලබා දී තිබේ.

ඒ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිංහල බෞද්ධ ජනයා රවටමින් ඡන්ද ලබාගත්තද තම ඉදිරි පැවැත්ම උදෙසා මේ වනවිට වෙනත් මාවතක ගමන්කරමින් සිටින බවයි.