සමාජ මාධ්‍යවලින් අසාධාරණය කියන්න ගිය අලුත්ගම පොලීසියේ එස්.අයි.ගේ වැඩ තහනම්
සමාජ මාධ්‍ය හරහා පොලිසියට හානිවන අයුරින් ප්‍රකාශ නිකුත් කළ අලුත්ගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව කළුතර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවෙහි දැක්වෙන ආකාරයට වැඩ තහනමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා පවසා සිටින්නේ ඔහු අත්අඩංගුවට ගත් සැකකරවකුට පොලිස් ස්ථානාධිපතිගේ මැදිහත්වීමෙන් ඇප ලබා දුන් බව හා ස්ථානාධිපතිවරයාගෙන් එල්ලවන පීඩනය දරා ගැනීමට නොහැකිව පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් විමසූ විට මෙසේ ප්‍රකාශ කළේය.
‘‘මුව අවරණ නොමැතිව ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් බීම යන චෝදනාව යටතේ තමයි චෝදනාවට ලක්ව නිලධාරියා විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එවැනි පුද්ගලයකුට පොලිස් ස්ථානාධිපතිට ඇප ලබා දිය හැකියි.’’