ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඇමති කෙහෙළිය නිරෝධායන නීති කඩමින් පාසලක උත්සවයක් පවත්වයි (වීඩියෝ)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මහනුවර කෙන්ගල්ල මහා විද්‍යාලයේ ඊයේ (12) පැවැති වැඩසටහනක් පිළිබඳව ලංකා ගුරු සංගමය ඊයේ(12) අනාවරණය කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අවධාරණය කරමින් පැවසුවේ මෙවැනි ක්‍රියාවන් නැවැත්වීමට අදාළ බලධාරින් වහාම කටයුතු කළ යුතු බවය.

මහනුවර කෙන්ගල්ල විද්‍යාලයේ, ජනමාධ්‍ය ඇමතිවරයා පාසල් ළමුල් ගෙනැල්ලා විශාල උත්සවයක් පවත්වනවා. ඒ ඉස්කෝලේ ඒ උත්සවය පවත්වනකොටත් ළමයි 4දෙනෙක් කොවිඩ් ආසාදිත බවට පත්වෙලා තියෙනවා. එක ගුරුවරියක් තවමත් පැනිදෙණියේ කොවිඩ් මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගනිමින් ඉන්නේ. නිලධාරින්ට කොන්දක් නෑ මේ වගේ තත්ත්වයක් නතර කරන්න. ඇමතිවරු වගකීම් විරහිතව කටයුතු කරන එක බරපතළ ප්‍රශ්නයක්. අපි කියනවා අධ්‍යාපන බලධාරින්ට රජයට මේ වගේ ක්‍රියාමාර්ග වහාම නවත්වන්න කියලා.” යනුවෙන් මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ලංකා ගුරු සංගමය පවසයි.