ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පාසල් සිසුවියකගේ මළසිරුර ඉහළ කොත්මලේ ජලාශයෙන් හමුවේ

පාසල් සිසුවියකගේ මළසිරුරක් අද (12) උදෑසන ඉහළ කොත්මලේ ජලාශයේ තිබි සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ තලවකැලේ රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක් බව අනාවරණ වී තිබේ.

ඇය අද උදෑසන 6.30ට පමණ සිය නිවසින් පිටත්ව ගොස් ඇති බව වැඩිදුර විමර්ශනවලදී හෙළි වී තිබේ.

අනතුරුව ඇය ඉහළ කොත්මලේ ජලාශය හරහා ඉදිකර තිබෙන දුම්රිය පාලම මතින් ජලාශයට පැනඇති බවට ප්‍රදේශවාසින් විසින් දැක ඇති බව තලවකැලේ පොලීසිය පවසයි.

මව සමග ඇති වු සිත් තැවුලක් හේතුවෙන් පාසල් සිසුවිය නිවසින් පැමිණ මෙලෙස ජලාශයට පනින්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.