ඇමතිතුමිය ධම්මික පැණිය බිව්වෙ හොද්දේ ලුණු බලනවා වගේ රහ බලන්න විතරයි – බෝතලේට වෙච්ච දේ අපි දන්නෙ නෑ
ඇමතිවරිය ධම්මික පැණිය බිව්වෙ තේ හැන්දට පැණි අරගෙන ලුණු බලන විදිහට රස විතරක් බැලූ බව පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරියගේ ස්වාමිපුරුෂයා වන කාංචන ජයරත්න මහතා හෙළිදරව් කරයි.
එසේ නැතිව එම පැණි බෝතලය ගෙදර ගෙන ආවේ නැති බවත් බෝතලයට උනු දේ තමන් නොදන්නා බව ද ජයරත්න මහතා සඳහන් කරයි.
වෙනස් සාකච්ඡාවක් අතරතුර රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ධම්මික මහතා සමග පැණිය ද රැගෙන ආ බවත් පැණි බෝතලයක් ඇමතිවරියට දීමට අවශ්‍ය බව එහිදී රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනා ප්‍රකාශ කළ බව ද ජයරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
එහිදී “මේක පොඩ්ඩක් ටෙස්ට් කළොත් හොඳ“ යැයි රාජ්‍ය ඇමතිවරුන් ප්‍රකාශ කරන විට මාධ්‍ය ද එතැනට පැමිණි බවද ජයරත්න මහතා සඳහන් කරයි.
කාංචන ජයරත්න මහතා මේ අදහස් පළ කර තිබුණේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ රෝගී තත්ත්වය පිළිබඳව සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.