ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වරාය සේවකයින්ට ලබාදෙන ආහාරවේලෙන් වසරකට මිලියන සියයක් ගසා කන හැටි මෙන්න

වරාය සේවකයින්ට ලබාදෙන ආහාරවේල සඳහා වසරකට මිලියන සියයක පමණ මුදලක් වැඩිපුර වැය වන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක  පැවසීය.මේ වන විට වරාය සේවකයින් සඳහා ලබා දෙන ආහාර වේලට වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන එකසිය හතලිහක් (මි. 140) පමණ වැය කරන බව ඔහු සඳහන් කළේය.

නමුත් මෙපමණ මුදලක් මෙම ආහාර වේල ලබාදීම සඳහා වැය කිරීමට අවශ්‍ය නොවන බවත් එය රුපියල් මිලියන හතලිහකින් පමණ ලබාදීමට හැකි බවද ඔහු සඳහන් කරයි.

ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත් ඊට අවශ්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා කීය. මෙමගින් මිලියන සියයක පමණ මුදලක් වරායට ඉතිරි කර ගැනීමට හැකි වන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.