ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“ඇමතිකමක් හම්බ උනා කියල ගොන් වැඩ කරන්න එපා ” – සරත් වීරසේකරට මහරගමින් දෝස්මුරයක් (Video)

මහරගම පමුණුව පදික වෙළඳුන් තමන් ව්‍යාපාරික කටයුතු කරනු ලබන නගර සභා බුමියෙන් ඉවත් කිරීම නිසා ඇති වු නොසන්සුන්කාරී තත්වය තවමත් පහව ගොස් නැහැ . ඔවුන් මුහුණදී සිටින අසීරු තත්වය සැලකිල්ලට ගණිමින් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා බාධා නොකරන ලෙස මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා කරන ලද යෝජනාවක් සම්මත කර තිබියදී මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර කැරළි මර්දන පොලිස් බලකායක් යෙදවීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කිරීම ඊයේ දිනයේත් දක්නට ලැබුනා.

ඊයේ පෙරවරුවේ මේ සම්බන්ධයෙන් පදික වෙළඳුන් ඇතුළු විශාල පිරිසක් සරත් වීරසේකර ඇමතිවරයාට බරපතල චෝදනා එල්ලකරමින් විරෝධතාවයක නියැලී සිටියහ. එහිදී ඔවුන්ගේ පොදු විරෝධය එල්ල වී තිබුනේ එම ඇමතිවරයාට ආධාර කළ එක් අයෙකු වෙනුවෙන් විශේෂ වරප්‍රසාද ලබාදී එම වරප්‍රසාද ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කැරළි මර්දන පොලීසිය යොදවා ඇති බවය.

අම්පාර දිස්ත්‍රික්කයේ සිට කොළඹට පැමිණ ඡන්දය ලබාගෙන මහජන ආරක්ෂක ඇමති වූ පසු තම සාධාරණ ඉල්ලීම් නොතකා කැරළි මර්දන පොලිසිය යෙදවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ඒකාබද්ධව මෙම විරෝධය දැක්වූහ.

දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී, කොවිඩ් වසංගත තත්වය සලකා මෙම පදික වෙළඳුන්ට සහනයක් ලබාදීමට කළ මැදිහත්වීම සම්පූර්ණයෙන්ම නොතකා හැර මහජන ආරක්ෂක ඇමතිවරයා ඔහුගේ බලතල ක්‍රියාත්මක කර තිබේ.