රත්නපුර රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකුට කොවිඩ්
රත්නපුර ශික්ෂණ රෝහලේ තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි අද (15) හඳුනාගැනුණි.
ඒ අතරින් එක් වෛද්‍යවරයෙකු නිරෝධායනයට යොමු කර සිටි අයෙක් වන අතර අනෙක් වෛද්‍යවරයා රෝහලේ ළදරු වාට්ටුවේ සේවය කරමින් සිට තිබුණි.
මේ අතර, කොවිඩ් ආසාදිත වෛද්‍යවරයෙකුගේ ආශ්‍රිතයෙක් ලෙස හඳුනාගත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අද (15) සිය නිවසේදි ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට ලක්කර තිබුණි.
එයින් ඔහුට කොවිඩ් ආසාදනය වී නොමැති බවට අනාවරණ වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියේ, “එතුමාගේ ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව්. 8වෙනිදා නම් ඔය කියන නිරාවරණය වෙලා තියෙන්නේ අද 15 වෙනිදා. දින 7 PCR එකටත් අද මුහුණ දුන්නා. එහි ප්‍රතිඵලත් ඉක්මණින් ලැබෙයි,” යනුවෙනි.