ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

තවත් කොවිඩ් මරණ 4ක් – කොවිඩ් මරණ ගණන 244ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 244ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක්, හංවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පිරිමි  පුද්ගලයෙක්, මාතලේ ප්‍රදේශයේ පදිංවිව සිටි 84 හැවිරිදි කාන්තාවක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.