ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

යුක්‍රේනයේ සිට මෙරටට පැමිණෙන බොහෝ දෙනෙක් කොරෝනා හැදුනු අය බව උදයංග වීරතුංග පිලිගනී

මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් බොහෝ දෙනෙකු කොරෝනා රෝගය වැලඳී සිටිය අය බව උදයංග වීරතුංග පවසයි. එනිසා ඔවුන් තුළ ප්‍රතිශක්තිය ඉහල බවත් ඔවුන් කොරෝනා රෝගය සාමාන්‍ය රෝගයක් සේ සලකන පුද්ගලයන් බවද  වීරතුංග මහතා සඳහන් කරනවා.

“අද වෙනකොට සංචාරකයන් හයසිය හැට හතරක් ඇවිත් තියෙනවා. ඒ අතරින් දෙන්නටයි කොවිඩ් ආසාදනය වෙලා තියෙන්නේ. හැබැයි අපි ලංකාවේ අහඹු ලෙස නාගරික ප්‍රදේශයක පුද්ගලයන් හයසිය හැට හතරක් අරගෙන පී.සී.ආර්. කළොත් එතන ආසාදිතයන් දෙන්නෙකුට වඩා හමුවීමේ සම්භාවිතාව වැඩියි. එහෙම බැලුවොත් යුක්රේනයෙන් එන අයට වඩා අපේ අය අනතුරුදායකයි” යනුවෙන්ද ඔහු මෙහිදී සදහන් කළා.

උදයංග වීරතුංග මහතා පෙන්වා දෙන්නේ යාල සෆාරි රියදුරන් සම්බන්ධයෙන්  ඇති වූ සිද්ධිය මාධ්‍ය මඟින් මවා පෙන්වූ සිද්ධියක් බවයි. එහි කිසිදු ගැටලුවක් ඇති නොවූ බව ද වීරතුංග මහතා පවසනවා.

එමෙන්ම සංචාරක ම මණ්ඩලයේ සභාපතිවරිය ඇතැම් කරුණු විකෘති කරමින් සමාජයට  සහ මාධ්‍යයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් සිටින බවටද  චෝදනාවක් ඔහු එල්ල කළා. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිවරිය ගේ උපදෙස් වල්ට අනුකූලව සංචාරකයින්ගෙන් ගෙන්වීමට තමන් සූදානම් නොමැති බවයි.

විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයකුට බලපැවැත්වෙන සෞඛ්‍ය නිර්දේශය විදෙස් සංචාරකයින්ට පැනවීම් නුසුදුසු බව උදයංග  වීරතුංග මහතා පවසනවා. රටේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සංචාරකයින් මෙරටට ගෙන්වීමේ කටයුත්තට තමා ඉදිරිපත් වූයේ මෙවැනි කොන්දේසිවලට යටත්ව නොවන බව ද ඔහු අවධාරණය කරනවා.

ශ්‍රී ලාංකිකයන්ට සඳහා  බලපැවැත්වෙන නිරෝධායන නීති සහ රෙගුලාසි යටතේ විදෙස් සංචාරකයින් ගෙන් වීමට නොහැකි බව රටේ බලධාරීන් තේරුම් ගත යුතු බවද ඒ මහතා පෙන්වා දෙනවා. 

රටේ රාජ්‍ය නායකයා තමන්ගේ ඥාතියා බවත් , ඒනිසා ඇතිවුණු විශ්වාසය මත ඔහුට මෙම වැඩසටහන සදහා අවසර ලැබුණු බව රහසක් නොවන බවත් උදයංග වීරතුංග මහතා සදහන් කළා. 

සති අන්ත ජාතික පුවත්පතක් වන සති අග අරුණ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු හෙළි කර තිබුණා.