බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර සියලු පාසල් හෙට විවෘතවේ
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල 2021 වර්ෂය සඳහා පාසල් හෙට (11) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව 02 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බවය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.