ජනාධිපතිගේ ගජමිතුරු, ඇවන්ගාඩ් සේනාධිපතිට කොරෝනාව වසන්තයක් වෙයි… එක් අයෙකුට PCR ගාස්තු 38000ක් අයකරලා
ජනාධිපතිගේ අතිජාත මිත්‍ර නිශ්සංක සේනාධිපතිගේ ඇවන්ගාඩ් මැරිටයිම් පුද්ගලික සමාගම මගින් මෙරටට රැගෙන එන විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකුගෙන් පලමු PCR පරීක්ෂණය සදහා රුපියල් 23500ක් අය කරන බව මේ වනවිට තහවුරුවී තිබේ.
මෙරටට පැමිණි විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකුගේ නිරෝධායන බිල්පත හරහා මෙම තොරතුරු අනාවරනයවේ. එහි පලමු PCR පරීක්ෂණය සදහා රුපියල් 23500ක් සහ දෙවන PCR පරීක්ෂණය සදහා රුපියල් 14500ක් ලෙස රුපියල් 38000ක් ඔහුගෙන් අයකරගෙන තිබේ.
කොරෝනා වසන්ගතයෙන් රයේ සාතීයසය බහුතරයක් බැටනන විට ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයින්ට කොරෝනාව වසන්තයක් වී ඇති බව මේ අනුව පෙනී යයි.
නිශ්ශංක සේනාධිපති මෙන්ම දිලිත් ජයවීර වැනි ජනාධිපතිවරයාගේ ගජමිතුරු කුප්‍රකට වයාපාරිකයින්ට කොරෝනා වසන්ගතය මේවනවිට ධන නිධානයක් බවට පත්වී ඇත.
විදෙස්ගත ශ්‍රී ලාංකික කතුන් තම රැකියා අහිමිව මහ මගට වැටී තිබෙන තත්ත්වයක් තුල ඔවුන් මෙම ආණ්ඩුවේ නිරෝධායන මාෆියාවට මුදල් සෙවීම සදහා වීදි ගණිකාවන් බවට පත්වීමට සිදුවි තිබෙන බවද මේ වනවිට සමාජජාල හරහා සංසරණය වන වීඩියෝ වල සදහන්වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සදහා ජනාධිපතිවරණයේදී තම අතින් මුදල් වියදම් කරගෙන ලංකාවට පැමිණි මෙම බොහෝ විදේශගත ශ්‍රමිකයින් මේ වනවිට ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරමින් මැදපෙරදිග රටවල දුක්විදිමින් සිටී. එවැනි තත්ත්වයක් තුල මෙසේ අසාධාරණ ලෙස ඔවුන්ගෙන් මුදල් සුරාකෑම දේශපාලන කේෂ්ත්‍රෙය් දැඩි විවේචනයට හේතු වී තිබේ.
