ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

යුක්‍රේනයෙන් පැමිණි දෙවැනි කොවිඩ් රැල්ලේ ආසාදිතයින් 43000 ඉක්මවයි

ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි යුක්රේන ගුවන්සේවයේ ගුවන් යානා කාර්යමණ්ඩලයෙන් මෙරටට පැමිණි මිනුවන්ගොඩ / පෑලියගොඩ / බන්ධනාගාර කොවිඩ් පොකුරේ මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 43023ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ. ඊයේ (07) දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 525 දෙනාත් සමගය. 

මීට අමතරව විදෙස් රටවල සිට මෙරටට පැමිණි තවත් 07 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගෙන තිබිණි. ඒ, ඉතාලියේ සිට පැමිණි තිදෙනෙක්, සුඩානයේ සිට පැමිණි තිදෙනෙක් සහ ජෝර්දානයේ සිට පැමිණි එක් අයෙකු වශයෙනි. ඒත් සමග ඊයේ දිනයේ  මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 532ක් වේ. 

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46880ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. 

තව කියවන්න -: කොරෝනා දෙවන රැල්ල ආවේ යුක්රේනයෙන් – වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ