සමාජ මාධ්‍ය නියාමනයට පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කෙරේ
මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබඳ විනිශ්චය ලබාදිය හැකි ආකාරයෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
පෙරේදා (4 වැනිදා) පස්වරුවේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡාවට ලක්වී ඇති අතර . පුවත්පත් මණ්ඩලය දැනට පුවත්පත්වල ක්‍රියාකාරකම් පමණක් නියාමනය කිරීම වෙනුවට විද්‍යුත්, මුද්‍රිත හා ‘නව මාධ්‍ය’ යන සියලුම අංශ දක්වා පුළුල් කිරීම සඳහාද මෙහිදී අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට 1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කෙරෙනු ඇති.
ඒ වෙනුවෙන් මහජනතාව සහ සිවිල් සංවිධාන වෙතින් අදහස් හා යෝජනා ලබා ගැනීමටත් එම අදහස් යෝජනා මත පදනම්ව සංශෝධන පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමටත් කැබිනට් මණ්ඩලය ජනමාධ්‍ය අමාත්‍යාංශයට අවසර ලබාදී තිබෙනවා.