ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනියට හා දරුවන්ට කොවිඩ්

මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනියට සහ ඇයගේ දරුවන් දෙදෙනාට කොවිඩ් – 19 ආසාදනය වි ඇතැයි අද තහවුරු විය. ඔවුන් PCR පරික්ෂාවට යොමුකර ඇත්තේ ඔවුන්ගේ නිවසේ මෙහෙකාරිය කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනිමත් සමගය.

අදාළ මෙහෙකාරිය පසුගියදා අනුරාධපුරේ පිහිටි ඇයගේ නිවසට ගොස් නැවත එමින් සිටිය දී දංඕවිට ප්‍රදේශයේදි ක්ෂණික ‍ප්‍රතිදේහජනක පරික්ෂාවකට ලක්කර ඇති අතර එහිදී ඇය කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබුණි.