තිදරු මවට අතවර කළ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්
කාන්තාවකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ අද(06) නියෝග කර තිබේ.
27 හැවිරිදි තිදරු මවක් ඊයේ(05) පස්වරුවේ යක්කලමුල්ල පොලිස් වසමේ නාකියාදෙණිය බටකැටිය ප්‍රදේශයේදී මෙලෙස අතවරයට ලක්වී තිබූ අතර අදාළ තැනැත්තිය වැන්දඹු කාන්තාවක් බවත් අතවරය සිදුකළ බව කියන 46 හැවිරිදි පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇයගේ ඥාතියෙකු බවත් අනාවරණය වී ඇත.
ඉදිරි විමර්ශන යක්කලමුල්ල පොලීසිය විසින් සිදු කරනු ලබයි.