තවත් මන්ත්රීවරයෙකුට කොවිඩ්
හැටන් දික්ඔය නගර සභාවේ තවත් නාගරික මන්ත්රීවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
සෞඛ්ය අංශ සඳහන් කළේ කොවිඩ් -19 ආසාදිත ආගරපතන ප්රාදේශීය සභා සභාපතිවරයාගේ ආශ්රිතයෙකු ලෙස හඳුනාගත් නාගරික මන්ත්රීවරයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවය.
සභාපතිවරයාගේ ආශ්රිතයෙකු වූ හැටන් දික්ඔය නගර සභාවේ තවත් මන්ත්රීවරයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට මීටපෙර හඳුනාගෙන තිබුණි.
මේ අතර හැටන් – වටවල ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්යාව 72ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට තාවකාලිකව වසාදමා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 600 දෙනෙකු පමණ ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව සෞඛ්ය අංශ පවසා ඇත.