ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කාලී මෑණියන්ගේ කෑගල්ලේ පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුවේ අනුමැතිය

කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිපදවන ලද කෑගල්ලේ පැණිය ආයුර්වේද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් එය දේශීය ඖෂධයක් ලෙස භාවිත කිරීමට අනුමැතිය ලබාදී ඇති බව වාර්තාවේ.

මේ පිළිබඳ අදහස් දැක්වු දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, කුමාරි වීරසේකර මහත්මිය මෙසේ අදහස් දැක්වීය.

“ධම්මික වෙද මහතාගේ ඖෂධය පිළිබඳව සියලුම තාක්ෂණික වාර්තා ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් එය දේශීය ඖෂධයක් ලෙස භාවිත කිරීමට අනුමැතිය ලබාදීලා තියෙනවා. එම අනුමැතිය මත ආයුර්වේද කොමසාරිස්වරයා විසින් අද එය දේශීය ඖෂධයක් ලෙස ලියාපදිංචි කරනු ලැබුවා. ඒ ලියාපදිංචි කිරීම කෙසේනමුත් මෙය කොවිඩ් රෝගය සඳහා සුදුසු ඖෂධයක් ද යන්න තීරණය කරනු ලබන්නේ සායනික පරීක්ෂණවලින් අනතුරුවයි. ඒ සඳහා පත්කරන ලද විද්වත් කමිටුව විසින් එම සායනික පරීක්ෂණ කටයුතු ඉදිරියේ දී පවත්වාවි. ඉන් අනතුරුව තමා අපි මෙම ඖෂධය කොවිඩ් රෝගය සඳහා සුදුසු ඖෂධයක් ද යන්න නිගමනය කරනු ලබන්නේ. “

ධම්මික බණ්ඩාර මහතා විසින් කොවිඩ් මර්දනය සඳහා අත්හදා බැලුණු ඖෂධය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.