ෆේස්බුක් ලියාපදිංචිය හරහා සමාජ ජාල පාලනයට ආණ්ඩුව අත තියයි.
සමාජ මාධ්‍ය හරහා ඇතිවී තිබෙන ඇතැම් තත්වයන් පාලනය කළයුතු යුතු බවත් ඒ අනුව, සියලුම සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා සකස් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
“සමාජ මාධ්‍ය හරහා ඇතිවෙලා තියෙන විශාල විෂමතාවයන් සහ පෙළක් වෙලාවට ඉතාම නීතිවිරෝධී අන්දමින් කෙරෙන කටයුතු පාලනය කළයුතුයි කියලා අපෙ මතයක් තියෙනවා. ඒ අනුව සියලුම සමාජ මාධ්‍ය සහ මුහුණු පොතේ සැරිසරන අය ලියාපදිංචි වීමේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා ” යනුවෙන් ඒ මහතා සඳහන් කරයි.
රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ පසුගියදා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත මේ පිලිබදව අදහස් දක්වමිනි.