ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ගැබිණි මව්වරුන්ට සහ පෝෂණය අඩු දරුවන්ට ත්‍රිපෝෂත් නෑ

ත්‍රිපෝෂ බෙදාහැරීමේ කටයුතුවලට බාධා මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා කියා සිටියේ බඩ ඉරිඟු ලබාගැනීමේ ගැටළුවක් හේතුවෙන් නිෂ්පාදන කටයුතු මේ වනවිට නතරවී ඇති බවයි.

ගර්භණී මව්වරුන් සහ පෝෂණය අඩු දරුවන් සඳහා අතිරේක ආහාරයක් ලෙස ත්‍රිපෝෂ ලබා දෙන අතර බද ඉරිගු සපයා ගැනීමේ ගැටළු හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය බාධා මතුවූ පළමු අවස්ථාව මෙය නොවේ.

වාර්තා වන අන්දමට ශ්‍රීලංකාව තුල සැලකිය යුතු මට්ටමේ බඩ ඉරිඟු හිගයක් නොමැති අතර සම්පත් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්වය නිර්මාණය වී තිබෙනවා.