ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

කුරුවිට හමුදා කදවුරේ බුදු පිළිමය හමුදාව විසින්ම ගිණි තබා විනාශ කරයි (වීඩියෝ)

කුරුවිට ගැමුණු හේවා බලකා කඳවුරු භූමයේ තිබූ බුදුපිළිම එම කඳුවුරේ අණදෙන නිලධාරීයාට ඉහලින් ලද නියෝග වලට අනුව ගිනිතබා විනාශ කර ඇති බව එම හමුදා කඳවුරේ බෞද්ධ කටයුතු පිළිබඳ අනුශාසක මිල්ලවිටියේ විජේසාර හිමි පවසයි.

මෙම හමුදා කඳවුරු භූමයේ තිබු බුදු පිළිමය පමණක් නොව එම කඳවුරු සංකීර්ණයේ නිලධාරීන්ගේ මෙන්ම සොල්දාදුවන්ගේ නිවස්න තුළ තිබූ බුදු පිළිම පවා මෙසේ විනාශ කිරීමට අණ දී තිබෙන බව විජේසාර හිමියෝ ප්‍රකාශ කරයි.

මේ පිළිබදව මාධ්‍යයට අදහස් දැක්වු මිල්ලවිටියේ විජේසාර හිමියන් ප්‍රකාශ කරන්නේ මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් රජය මගින් සිදුකල යුතු බවයි.

වත්මන් රජය බලයට පත්වීමට පෙර උතුරු නැගෙනහිර ප්‍රෙද්ශ වල බුදු පිළිම විණාශ කරන බවට ප්‍රබල විරෝධයක් ගෙඩනගනු ලැබු නමුත් මේ වනවිට ඔවුන්ගේ පාලනයක් තුල රටේ ජනාධිපතිවරයාගේ ආරක්ෂ අමාත්‍යංශය යටතේ පවතින යුධ හමුදාව විසින්ම උතුරේ නොව දකුණේ හමුදා කදවුරු තුලම මෙසේ බුදු පිළිම ගිණි තබා විනාශ කිරීම පිලිබදව බලධාරීන් මේ වනවිටත් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

බුදු පිළිමය ගිණි තබා විනාශ කල වීඩියෝව (වීඩියෝව උපුටා ගැනීම Lanka Truth ෆේස්බුක් පිටුවෙනි)