පැණිය ගැන තිබුණු ප්‍රසාදය ”කාලී” නිසා 100%කින් නැතිවුණා – ඔිමල්පේ සෝභිත හිමි
කොරෝනා සම්බන්ධයෙන් කෑගල්ලේ ධම්මික මහතා නිෂ්පාදනය කල බව කියූ බෙහෙත සම්බන්ධයෙන් තමා තුළ දැඩි විශ්වාසයක් තිබූ බවත් ඒහෙත් ඊයේ දිනයේදී දැකගත් මාධ්‍ය වාර්තා අනුව ඒ විශ්වාසය 100%කින්ම නැතිවූ බව ඔිමල්පේ සෝභිත හිමි පවසයි.
උන් වහන්සේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් කළ කළේය.
ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමියන් මෙසේද පැවසීය.
”කොරෝනා වෛරසයට එරෙහිව අලුතින් සොයා ගත්තාා කියපු අපේ දේශීය ඖෂධය සම්බන්ධයෙන් අපේ ලොකු පිළිගැනීමක් තිබුණා. අනේ මේ අපේ දේශීය දැනුම මුල්කරගෙන හදපු බෙහෙතක් නේද කියලා, නමුත් අපේ ඒ් ප්‍රසාදය 100%කින්ම නැතිවුණා අපි ඊයේ දැකපු මාධ්‍ය වාර්තා අනුව..
මොකක්ද හේතුව ඒ් බෙහෙත කාලී අම්මාගේ කියපු ගමන් අපිට ඒ් ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ. මේ රටේ කිසිම බුද්ධිමත් මිනිහෙකුට පිළිගන්්න්න පුළුවන්කමක් නැහැ කාලි අම්මාගේ බෙහෙත්. අපිට තවමත් ඉගුරු කොත්තමල්ලි පැණිය විශ්වාසයි. ඒ් වැඩේ කාලිඅම්මත් ඒක්කම අවසන් වුණා. “