ColomboXnews

News | Gossip | Political | Entertainment

SliderSports

“මට මානසිකව වද දුන්නා.. මේ කලමණාකාරීත්වය එක්ක මට තවත් වැඩ කරන්න බැහැ” – පාකිස්ථාන ක්‍රීඩක මොහොමඩ් අමීර් ක්‍රිකට්වලට සමුදෙයි

පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් සිය ක්‍රිකට් තරඟ ජීවිතයට සමුදීමට තීරණය කර තිබේ.

පාකිස්ථාන රූපවාහිනී නාලිකාවක් වන ‘Samaa’ සමඟ පැවැති සාකච්ඡාවකදී මොහොමඩ් අමීර් විසින් මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ලෝකයාට අනාවරණය කළේ ඊයේ (16) පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අවසන්ව නැවත පාකිස්ථානය බලා පිටත්ව යාමට දින කිහිපයක් ඉතිරිව තිබියදීම වීමද විශේෂත්වයකි.

එම සාකච්ඡාවේදී මොහොමඩ් අමීර් ප්‍රකාශ කර සිටියේ ‘තමන්ට වත්මන් පාකිස්ථාන ක්‍රිකට් පරිපාලනය’ සමඟ වැඩ කිරීමට නොහැකි බවත්, තමන්ට ‘ඔවුන් දැඩි ලෙස මානසිකව වද’ දුන් බවත්ය.

මෙන්ම අමීර් විසින් පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායකවරයාට පවසා ඇත්තේ තමාට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ කිසිදු අභිලාෂයක් හෝ අභිප්‍රායක් නොමැති බවත්, එබැවින් ඔහුව අනාගත ජාත්‍යන්තර තරග සඳහා සලකා බැලිය යුතු නැති බවත් ය.

පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් අමීර්ගේ තීරණය පිළිගෙන ඇති බව සඳහන් වෙයි.  ඔවුන් ප්‍රකාශ කර තිබුණේ එය අමීර්ගේ පෞද්ගලික තීරණයක් බැවින් එයට ගරු කරන බවයි.

මොහොමඩ් අමීර් තවමත් 28 වැනි වියේ පසුවන අතර 2009 වසරේදී එංගලන්තයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත්තේය.

වමත් වේග පන්දු යවන්නෙකු වන මොහොමඩ් අමීර් ජාත්‍යන්තර තරඟවලදී කඩුළු 259ක් දවා ගෙන තිබුණී.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ මොහොමඩ් අමීර් එහිදී විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළේය.

අමීර් ජාත්‍යන්තර තරඟවලින් සමුගන්නා බවට කළ සාකච්ඡාවේ වීඩියෝව පහතින්,
https://platform.twitter.com/embed/index.html?dnt=false&embedId=twitter-widget-