මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 35,000 ඉක්මවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 312 දෙනෙකු අද (17) දිනයේදී හඳුනාගෙන තිබේ. ඉන් 300 දෙනෙකු මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ය.
තවත් 12 දෙනෙකු හඳුනාගෙන තිබුණේ බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් බව වාර්තා වේ.
ඒ අනුව මෙරට දී හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 35,000 සීමාව ඉක්මවා ගියේය. එම සංඛ්‍යාව 35,049කි.
මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 8,536කි. එසේම මෙරටදී සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 160කි.
සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ගණන 26,353කි.