ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහනුවර කොවිඩ් අවදානමේ ඉහලට – ඊයේ දවසේ වාර්තාව මෙන්න

මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 26,500 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ (04) දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් 521 දෙනෙකු අලුතින් හඳුනාගත් අතර ඉන් 517 දෙනෙකු වාර්තා වී තිබුණේ මෙරට තුළින් හඳුනාගත් ආසාදිතයින් ලෙසයි.

තවත් 03 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් ය. අනෙක් පුද්ගලයා විදේශගතව සිට මෙරටට පැමිණි විදේශිකයෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 26,559 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 342කි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 91 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වී තිබුණා.

ඊයේ දින දේශීයව හඳුනාගත් ආසාදිතයින් 517 දෙනාත් සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 23,005 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දින කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින් දැක්වේ,

කොළඹ දිස්ත්‍රික්කය – 342

ග්‍රෑන්ඩ්පාස් – 82
වැලිකඩ – 73
දෙමටගොඩ – 59
මරදාන – 38
මට්ටක්කුලිය 31
වැල්ලවත්ත – 19
දෙහිවල – 10
කොටහේන/බ්ලූමැන්ඩල් – 09
අලුත්කඩේ – 04
ගොතටුව – 02
මඩපාත – 02
පුවක්පිටිය – 02
රාජගිරිය – 02
තලවතුගොඩ -02
අංගොඩ – 02
කොල්ලුපිටිය – 02
බොරැල්ල – 01
අත්තිඩිය – 01
බොරලැස්ගමුව – 01

මහනුවර දිස්ත්‍රික්කය – 91
කළුතර දිස්ත්‍රික්කය – 44
අම්පාර දිස්ත්‍රික්කය – 17

ගම්පහ දිස්ත්‍රික්කය – 11

වත්තල – 04
බුත්පිටිය – 01
කුරණ – 01
දොරණගොඩ – 01
පල්ලෙවෙල -01
කිරිබත්ගොඩ – 01
ලෝලුවාගොඩ – 01
කොඩ්ඩිකඩේ – 01

පුත්තලම දිස්ත්‍රික්කය -04
මාතර දිස්ත්‍රික්කය – 03
රත්නපුර දිස්ත්‍රික්කය – 02
නුවරඑළිය දිස්ත්‍රික්කය – 02
ගාල්ල දිස්ත්‍රික්කය – 01