ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

‘කෑගල්ලේ පැණිය‘ පිටුපස දිලිත් ජයවීර – සංචාරක ව්‍යාපාරය හරහා සුද්දන්ට පෙවීමේ සැලැස්මක් එළියට

මේ දිනවල දැඩි කතා බහට ලක්වී ඇති කෑගල්ලේ පැණිය නම් කොරෝනා සුවකරනවා යැයි කින බෙහෙත ප්‍රවර්ධනය කිරීම පිටුපස සිටින්නේ දෙරණ නාලිකාවේ හිමිකරු වන දිලිත් ජයවීර බව මේ වනවිට අනාවරණයවේ.

වෙද මහතෙකු යැයි කියාගන්නා මෙම කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැති පුද්ගලයා නිපදවුවා යැයි කියන කොවිඩ් මර්දනය කල හැකි පැණිය සමාජගත කිරීම සදහා සිය මාධ්‍ය ජාලය හරහා දැඩි වෙසක් දිලිත් ජයවීර විසින් මේ වනවිටත් දරමින් සිටින අතර ජනාධිපතිවරයා හරහා මේ වනවිටත් මෙම පැණිය රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීමටද මැදිහත්වෙමින් සිටී.

සෞඛ්‍ය අමාත්‍යවරියට මෙම පැණිය හදුන්වාදීම සහ ඒ සදහා රජයේ නිල පිලිගැනීම හිමිකරගැනීම සදහා දිලිත් ජයවීර මැදිහත්වී තිබේ. ජනාධිපතිවරයා හරහා සෞඛ්‍ය ඇමතිවරියට කතාකර ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුකර ඇත්තේද දිලිත් ජයවීර විසිනි. ඉදිරියේදී සංචාරක ව්‍යාපාරය හරහා මෙම පැණිය විදේශිකයින්ට අලෙවි කිරීමේ සැලැස්මක් දිල්ත් ජයවීර හට පවතින බව ඔහුගේ සමීප හිතවතුන් හරහා හෙළිදරව් වී තිබේ.

මෙම පැණිය සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් ඒ සදහා නිල වටිනාකමක් ලබාගෙන තම ව්‍යාපාර හරහා මෙම පැණිය විදේශිකයින්ට අලෙවි කිරීමෙන් විශාල ලාභයක් ලැබිය හැකි බවද දිලිත් ජයවීර ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් කෑගල්ලේ ධම්මික බණ්ඩාර නම් වෙදමහතාගේ කොවිඩ් 19 පැණිය නිපදවා ඇත්තේ නීත්‍යානුකූලව නොවන බැවින් එය භාවිතා කිරීමෙන් වන හානි කිසිවක් ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස තමන් භාරනොගන්නා බව ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය කියා සිටී.

මෙම කෑගල්ලේ පැණිය නිෂ්පාදනය කළා යයි කියන පුද්ගලයා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ අයෙක් නොවන බවත්, එවැනි ලියාපදිංචි නොකළ ඖෂධයක් පිළිබඳව ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස තමන්ට වගකීමක් භාරගත නොහැකිබවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.