අද කොවිඩ් ආසාදිතයින් 517ක් – මිනුවන්ගොඩ – පෑලියගොඩ පොකුර 23,005ක් දක්වා ඉහලට
තවත් කොවිඩ් ආසාදිතයින් 265 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.
ඒ අනුව, අද (04) දිනය තුළ දී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 517ක් වේ.
මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 23,005කි.