ColomboXnews

News | Gossip | Political | Entertainment

Slidervariety

ලොව බිහිසුණු සිරකරුවන් සමුහ ඝාතනය සිදු වු බ්‍රසීලයේ කරන්දිරු බන්ධනාගාර (ඡායාරූප)

1992 ඔක්තෝබර් 02 වෙනිදා බ්‍රසීලයේ Carandiru සිපිරිගෙය තුල සිරකරුවන් දෙපිරිසක් අතර ගැටුම හටගන්නේ පාපන්දු තරඟයක් සම්බන්ධ මත ගැටුමකිනි. එම බන්ධනාගාරයේ එදින සිරකරුවන් 2069 දෙනෙකු සිටි අතර ගැටුම අවසානයේ රැකවලුන් අතරට පැමිණියේය. එම අවස්ථාවේ බන්ධනාගාර පාලකයින් විසින් සාවොපෝලෝ පොලිස් විශේෂ කාර්ය ඒකකය කැරැල්ල මැඩ පැවැත්වීමට කැඳවන ලදී. එම පොලිස් ඒකකයේ ප්‍රධානියාගේ අණින් තැබූ වෙඩිමුරයෙන් නිරායුධ සිරකරුවන් 111 දෙනෙකු මැරී වැටුණු අතර 37 දෙනෙකු තුවාල ලැබීය.

එම ඝාතනයෙන් පසුව Human Rights Watch මානව හිමිකම් සංවිධාන විසින් අඛණ්ඩව ගෙන ගිය නඩු විභාගයේ අවසානයට ලඟා වූයේ 2013 වසරේදීය. සිරකරු ජීවිත 111 ක් මරා දැමීමට අණ දුන් කර්නල් Ubiratan Guimarães අවුරුදු 632 ක සිරදඬුවමක් නියම කරන ලදී. ඔහු සමග ඝාතන ක්‍රියාන්විතයට සහභාගි වූ පොලිස් නිළධාරීන් 23 දෙනෙකුට වසර 156 ක සිර දඬුවමක් පනවා තිබුණි.

ලොව සිදුවූ අමානුෂික මානව හිමිකම් කඩකිරීමේ අවස්ථාවක් ලෙස මෙම අවාසනාවන්ත සිදුවීම ලොව පුරා ප්‍රසිද්ධියට පත්විය.දශක ගණනාවක් තිස්සේ සාඕ පවුලෝහි පොලීසිය විසින් අනුගමනය කරන ලද බව පෙනෙන‘ පළමුව වෙඩි තියන්න, පසුව විමසන්න ’ප්‍රතිපත්තියට අනුව යමින් එවකට ලතින් ඇමරිකාවේ විශාලතම බන්ධනාගාරයක් වූ බ්‍රසීලයේ කරන්දිරු බන්ධනාගාර සංහාරයට එරෙහිව ලොව පුරා මානව හිමිකම් සංවිධානවලින් බලවත් විරෝධයක් එල්ල වූ අතර බ්‍රසීල බන්ධනාගාරවල රැඳවියන්ද ගෙන ගිය විරෝධතා හේතුවෙන් 2002 දී කඩා දමනු ලැබූ අතර බන්ධනාගාරය කඩා දැමීමට පෙර මෙම සිදුවීම පිළිබඳව නඩුවිභාගයේදී සිරකරුවන් ලබාදුන් සක්ෂි අනුව යමින් 2003 වසරේදී චිත්‍රපටයක්ද නිර්මාණය කෙරිණි.

ශ්‍රී ලංකාව තුළද පසුගිය කාලයේ මෙවැනි අමිහිරි සිදුවීම් රැසක් වාර්තා වූ අතර වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ සමූහ සිරකරු ඝාතනය පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම වැනි ආයතන දක්වා ගියේය. ඊට නොවෙනස් සිදුවීමක් මේ වනවිට මහර බන්ධනාගාරය තුළද මේ මොහොතේ සිදුව තිබේ.

PM envolvido no Massacre do Carandiru é nomeado por Serra | Política
Brazil's overcrowded prisons experience massacres 'almost daily' - ABC News
Carandiru: 20 Years On | Ben Tavener
Direitos Humanos: O massacre do Carandiru de 1992
A falência do sistema carcerário brasileiro e da guerra às drogas | Cidadão  Cultura
De volta ao Massacre do Carandirú - Livros e Opinião
STJ anula decisão que cassou júri do massacre do Carandiru | Notibras
Carandiru: júri de PMs ocorre mesmo sem perícia em armas