ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඇමති ආරක්ෂක අංශයටත් කොරෝනා..! ඇමතිවරුන්ගේ ආරක්ෂාවටත් තර්ජනයක්

ඇමති ආරක්ෂක අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට සහ ඔහුගේ පුතුන් දෙ‌දෙනාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

මෙම තත්වය හේතුවෙන් ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් පිලිබදව දැඩි අවදානයක් යොමු කිරීමට පියවරගෙන තිබේ. මෙය ඇමතිවරුන්ගේ ආරක්ෂාවටද බරපතල ලෙස බලපාන බව ආරක්ෂක අංශ වාර්තා කරයි.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසුවේ මොවුන් හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි බවයි.

මෙම පියා සහ පුතුන් දෙදෙනා මෙම නිරෝධායන මධ්‍යස්ථානයට ඊයේ (06) රැගෙනවිත් ඇති බවත් ඔවුන් කොළඹ 7 පොලිස් නිවාසවල පදිංචිකරුවන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම ආසාදිතයින් තිදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට නියමිතයි.