ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මට්ටක්කුලියේ ‘මුවදොර උයනින්‘ රෝගීන් 138ක් හමුවේ

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 443 දෙනා ගෙන් 170 දෙනෙකු කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

එම ආසාදිතයින් අතුරින් 138 දෙනෙකු මට්ටක්කුලිය මෝදර උයනින් ද කොළඹ වරායෙන් 11 දෙනෙක් සහ කොළඹ උතුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 21ක් වාර්තා වී තිබෙනවා.

මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයින් 42ක් වාර්තා වී තිබෙනවා. එලෙස ආසාදිතයින් වාර්තාවී ඇත්තේ බත්තරමුල්ල 05, හංවැල්ල 08, කොළොන්නාව 06, මෝදර 06, අතුරුගිරිය සහ අංගොඩ යන ප්‍රදේශ වලින් ආසාදිතයින් 03 දෙනා බැගින්ද, දෙහිවල / රත්මලාන / පිළියන්දල / රාජගිරිය / කඩුවෙල යන ප්‍රදේශ වලින් එක් ආසාදිතයා බැගින්ද මාළඹේ/ අවිස්සාවේල්ල / මොරටුව යන ප්‍රදේශ වලින් ආසාදිතයින් 02 දෙනා බැගින්ද වාර්තා වී ඇත.